දකුණු සිරිලකේ දුලන මැණික සේ
දිදුලන ප්රිය මාතා
නගමු බැතිනි දෝතා....//
දිගිලි නදි තෙර නිල් ගුරු සෙවණේ
බන්දා ජය දද නිතිනි
විදුසිප් සයුරෙ මග සලකුණු මැද
දිලෙන පහන් ටැබ ලෙසිනි.......
කවියන් පඩුවන් විරුවන් බිහි කළ
දැය සුරකින සුරු විරුවන් දැඩි කළ
විදුරද මහ විදුහල් මාතා
නගමු බැතිනි දොතා....//
සිරිලක මහ විදුහල් අතරේ නිති
කිතුරැස විහිදි නොනිම්
බැබලේව ඔබ පතමු
උදන් වෙවි හද බැතිනි
නැණ එලි දල්වා ගුණ දම් වඩවා
ඉසුරු සදා ලක් දෙරණේ
යුගෙන් යුගය ඔබේල් නාමය සුරකිමු
ජය් වේ ජය වේ ජය වේ
සරසවි වැඩ වෙසෙනා පියු මසුරන්
සිරිකත ඔරදන වෙනු දෙවි උරයයි
විදුරද මහ විදුහල් මාතා
නගමු බැතිනි දෝතා ....//